Wednesday, March 2, 2016

අතීතය යළි කැඳවන සිනමාව...

 චිත්‍රපට නැරඹීම මාගේ ප්‍රියතම විනෝදාංශයකි. විවිධ වර්ගයේ චිත්‍රපට අතරඓතිහාසික කතා තේමාවන් රැගත් චිත්‍රපට සඳහා මාගේ අවධානය යොමුවන්නේමා සැබවින්ම ඉතිහාසය විෂයට ප්‍රියකරන බැවිනි. ඉතිහාසයසිනමාකරණය යනුවර්තමාන සමාජයේ බෙහෙවින් අවධානයට ලක්වූ කරුණකි. අතීත සංසිද්ධීන් පිළිබඳ මූලාශ්‍ර ගත තොරතුරු අනුවඑම සංසිද්ධීන් ඒ ආකාරයෙන්ම හෝඊට වෙනස්මවූ අයුරින් ප්‍රතිනිර්මාණය කරමින්රසිකයාට නවමු අත්දැකීමක් ලබාදීමටඓතිහාසික චිත්‍රපට උත්සහ දරයි. කෙසේ වුවත්සමහර චිත්‍රපටඓතිහාසික කතා පුවතට සාධාරණයක් ඉටුකළ නමුදුසමහර චිත්‍රපට එසේ නොවේ. මා නැරඹූ චිත්‍රපට අතරමාගේ සිත්ගත් ඓතිහාසික චිත්‍රපට ත්‍රිත්වයක් පිළිබඳ මෙසේ කරනු දක්වමි.


විජය කුවේණි සිංහල චිත්‍රපටය.
                                                                               
ලිඛිත ඉතිහාසයට අනුවලක්දිව රාජවංශයේ ආරම්භකයා වන විජය රජුගේ හා හෙළ යක් පරපුරේ කුවේණියගෙ සාම්ප්‍රදායික කතාපුවතමෙම චිත්‍රපටයට පසුබිම් වී ඇත. 2012 වසරේ තිරගත වූ මෙම චිත්‍රපටයසුගත් සමරකෝන් විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර රොජර් සෙනෙවිරත්නවිජය ලෙසත්දුලානි අනුරාධා කුවේණි ලෙසත්රංගනයෙන් දායකවේ.

               කුඩා කල සිටම අසා තිබූවිජය රජුගේ හා කුවේණියගේ කතා පුවත තුළකුවේණියට බොරු චෝදනා කරමින්ඇයව නෙරපා දමන විජය කෙරෙහි පිළිකුළක් ඇතිකරමින්ඔහුව කළු චරිතයක් කර තිබුණි. එහෙත්මෙම චිත්‍රපටය මඟින්එය වෙනස් කර විජයඔහුගේ අමාත්‍යවරුන්ගේ උපායන්ට නතුවීකුවේණිය නෙරපාදැමූ බවත්පසුව ඒ පිළිබඳ කම්පාවෙමින් හිඳඒ ශෝකයෙන්ම මියගිය බවත්ඔහු සත්‍ය වශයෙන්ම කුවේණියට බොහෝ ප්‍රේම කළ බවත්  පෙන්වාදෙයි.  මේ මඟින් විජයගේ චරිතය සාධාරණීකරණය කිරීමටනිර්මාණකරුවා උත්සහ කර ඇත.
                                     
                     කෙසේ හෝමෙවන් වූ ඓතිහාසික චිත්‍රපටයක් නිර්මාණය කිරීම මඟින්රසික හදවත් පිනවීම පමණක් නොවහෙළ ඉතිහාසය අනාගත පරපුර තුළ මෙන්මමුළු ලොව පුරා පතළ කිරීමට හැකියාවක් ලැබීම සැළකිය යුතු කරුණකි.



The legend of Bhagat Singh හින්දි චිත්‍රපටය

    
    මෙම චිත්‍රපටයඉන්දියාවේ බ්‍රිතාන්‍යයන්ට එරෙහිවභාරතයේ නිදහස වෙනුවෙන් දැඩිව ක්‍රියාකළ සටන්කරුවෙකුවූ, " භගත් සිං " ගේ ජීවනවෘතාන්තය ඇසුරින් නිර්මාණය කෙරූ සිනමාකෘතියකි. 1907 දී උපන් මොහුකුඩා කලදීගාන්ධි තුමා අනුගමනය කෙරූ නමුත්තරුණ වියේදී බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව කැරලිකාර ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. 
               
                                       



මෙම චිත්‍රපටය නැරඹීම මඟින්,  භාරතීය නිදහස් සටනේ වීර චරිතයක් පිළිබඳ පමණක් නොවඑකල භාරතයේ සමාජ හා සංස්කෘතික තත්වය පිළිබඳවත්තමන්ව යටත් කරගෙන සිටිනා සුදු ජාතිකයන් සම්බන්ධව ඉන්දියානුවන් දැරූ ආකල්ප පිළිබඳවත්බ්‍රිතාන්‍යයන් විසින් තමන්ට විරුද්ධවූසතුරන් හා කැරලිකරුවන් සඳහා අනුගමනය කළ ක්‍රියාපටිපාටිය පිළිබඳවත් ඇතුළුව කරුණු රැසක් පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිවේ. මෙහි ප්‍රධාන චරිතයට සුප්‍රකට නළු අජේ දේව්ගන් විසින් පනපොවන අතරමෙය රාජ්කුමාර් සන්තෝශිගේ අධ්‍යක්ෂයකි.


Empire ඉංග්‍රීසි කතාමාලාව.

  
                           මෙය මා විසින් චිත්‍රපට ආකාරයෙන් නැරඹූවත්සත්‍ය වශයෙන් මෙය 2005 වසරේදී ඇමරිකාවේ විකාශය වූ කතාමාලාවකි. ශ්‍රේෂ්ඨ වූ ජුලියස් සීසර් ගෙන් පසුවඔහුගේ මඟ අනුගමනය කරමින්රෝමය අධිරාජ්‍යක් බවට පත්කළඔහුගේ බෑණනුවන් වූශ්‍රේෂ්ට ඔගස්ටස් අධිරාජ්‍යයා පිළිබඳ කතා පුවතක්මෙම නිර්මාණයට පාදක වී ඇත.
                               කැසියස් හා බෲටස් විසින් ජූලියස් සීසර් ඝාතනය කිරීමෙන් පසුවිවිධ දුෂ්කරතා රැසකට මුහුණපෑමට ඔක්ටේවියස් හෙවත් ඔගස්ටස් ට සිදුවේ. සියළු බාධක ජයගනිමින්තම වගකීම් නිසියාකාරව ඉටුකරමින්ඔහු රෝමය අග්‍රගන්‍ය අධිරාජ්‍යක් බවට පත්කිරීමට කටයුතු සකසන අයුරු මනාවට මෙහි නිරූපණය කෙරේ.
                                         
 

මෙහි ඔක්ටේවියස් ලෙස, සැන්තියාගෝ කැබ්‍රේරා රංගනයෙන් දායක වන අතර, ජෝන් ග්‍රේ හා කිම් මැනර්ස් විසින් මෙය අධ්‍යක්ෂණය කර තිබේ.  


Tuesday, March 1, 2016

උරුමය රැක ගැනීමට ගිවිසුමක්!

 



        
                              මීට වසර දෙකකට පමණ පෙරලොව උඩුයටිකුරු කරමින් නැගී සිටිනාදරුණු අන්තවාදී කණ්ඩායමක් ලෙස, "ISIS" හඳුන්වා දිය හැකිය. විවිධ රටවල ආගමික හා සංස්කෘතික උරුමයන් සියගණනක් ඔවුන්ගේ විනාශකාරී ප්‍රහාරයන්ට ලක්විය. මේ ලෙස දිනෙන් දිනදරුණු වන "ISIS" ක්‍රියාකාරකම් හමුවේඅමිලවූ පුරාකෘති ආරක්ෂා කිරීම සඳහා, "UNESCO" සංවිධානය හා ඉතාලිය එක්වනව සැලසුමක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින්ගිවිසුමකට එළඹී ඇත.
                                        ඉතාලියේ විදේශ කටයුතු අමාත්‍යවරයා හා යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදි. මෙහි ප්‍රධානතම කරුණ ලෙස දක්වා ඇත්තේඉතාලියේ ආධාරයෙන්ලොව පුරා පවතින පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්මාරක ඇතුළු අනෙකුත් සියළු දේආරක්ෂා කිරීම සඳහා,  " විශේෂ බලකායක් " නිර්මාණය කිරීමයි. එමෙන්මටියුරින් නගරය ආශ්‍රිතවඋරුමය ආරක්ෂාකිරීම පිළිබඳ විශේෂඥ දැනුම ලබාදෙන මධ්‍යස්ථානයක් පිහිටුවීම ද මෙම ගිවිසුමේ අරමුණකි.
                         "ISIS"  අන්තවාදී සටන්කාමීන් විසින් තම සංස්කෘතියට පටහැනි දේ වනසන අතරප්‍රහාර එල්ල කළ ස්ථානයන්ගෙන් කොල්ලකෑ පුරාවස්තුතම මූල්‍යමය වාසි සඳහා විකිණීම සිදුකර තිබේ.

 කෙසේ හෝවටිනා උරුමයන්ට එරෙහිවදිනෙන් දින උග්‍ර වන ත්‍රස්තවාදී ක්‍රියා මඟින්ඒවා රැක ගැනීම සඳහා මෙලෙස ගිවිසුමකට එළැඹීමප්‍රශංසනීය කරුණකි. 

වැඩි විස්තර සඳහා පිවිසෙන්න:- http://www.theguardian.com/culture/2016/feb/16/unesco-italy-art-artefacts-islamic-state     

Monday, February 29, 2016

උරුමය වනසන "ISIS"

 වර්තමානයේ ලොව සියළු ක්ෂේත්‍රයන් හට විශාල බලපෑමක් එල්ල කරන ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස "ISIS" සටන්කාමීන් හඳුන්වාදිය හැකි අතර, ඔවුන් විසින් ඉස්ලාමයට අයත් නොවන සංස්කෘතික උරුමයන් රැසක්, විනාශ කර ඇත. ඒවා අතර, ඉතා ශෝචනීය ලෙස බිඳවැටීමට ලක්වූ, ආගමික සිද්ධස්ථානයක් පිළිබඳ තතු මෙසේ ඉදිරිපත් කරමු.

  

                      ඉරාකයේ මෝසුල් නගරයේ පිහිටා තිබූ, "සෙන්ට් එලයිජා" ක්‍රිස්තියානි පූජකාරාමය, පසුගිය වසර අවසානයේ සිට, ත්‍රස්ත ප්‍රහාර වලට ලක්විය. මෙය ඉරාකයේ පැරණිතම ක්‍රිස්තියානි පූජකාරාමය වන අතර, වසර 1,400ක පමණ කාලයක් මෙහි වන්දනාමාන කටයුතු සිදුකර ඇත. විනාශ වීමට පෙර, මෙය වර්ග අඩි 27,000 ක් පමණවූ ගොඩනැගිල්ලක් වූ අතර, වෙන්කළ කුටි 26කින් සමන්විත වූ බලකොටුවක ආකාරයෙන් නිර්මාණය කොට තිබුණි. ඉරාකය තුළ සිටින ක්‍රිස්තු භක්තිකයන් හට කරන ලද අනතුරු ඇඟවීමක් ලෙස මෙම සිද්ධස්ථානය විනාශකල බව, බොහෝ දෙනාගේ මතයයි. ඉරාක ජාතික ක්‍රිස්තියානි පූජකවරයෙක් පවසන්නේ, "ISIS"  සංවිධානය විසින් ඉරාකයේ ක්‍රිස්තියානි ඉතිහාසය ඉතා මිලේඡ්ච අයුරින් වනසා දැමූ බවයි.
     

                          කෙසේ හෝ පසුගිය දෙවසර තුළ, ඉරාකය හා සිරියාවේ විශාල වශයෙන් ව්‍යාප්තව පවතින මෙම ත්‍රස්තවාදී කණ්ඩායම විසින්, මිනිසුන් දහස් ගණනක් මරණයට පත්කළ අතර, ඉස්ලාමයේ අර්ථ දැක්වීමට පටහැනි සියළු දේ විනාශකරනු ලැබීය. ඒ අතර, විවිධ ආගම් හා ජාතීන් වලට අයත් ආගමික හා සංස්කෘතික ස්ථාන සියගණනක්වේ. නිනවේ, පැල්මයරා, හට්‍රා ප්‍රදේශ වලට අයත් වූ ස්ථානද ඒ අතර විය.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න:-  http://www.theguardian.com/world/2016/jan/20/isis-has-destroyed-iraqs-oldest-christian-monastery-satellite-images-confirm  

ලෝක සාහිත්‍යයේ සදා නොමැකෙන "අත්සන"...

 රෝමියෝ ජුලියට්, වැනීසියේ වෙළෙන්ඳා, ජුලියස් සීසර්, හැම්ලට් ආදී, විශිෂ්ට සාහිත්‍ය නිර්මාණ රැසක් ලොවට දායාද කළ, විලියම් ශේක්ස්පියර් නම්, මහා කලාකරුවාණන්ගේ 400 වැනි ගුණ සැමරුම හේතුවෙන්, ලන්ඩනයේ "කින්ග්ස්" පාසැල විසින් සංවිධානය කරනු ලබු, ප්‍රදර්ශනයකදී, විලියම් ශේක්ස්පියර්ගේ අවසන් කැමති පත්‍රයේ ඇති අත්සන ඇතුළුව, දැනට ඉතිරිව ඇති ඔහුගේම අත්සන් 6ක් ලොවට නිරාවරණය කෙරිණි.

 අවසන් කැමති පත්‍රයේ ඇති අත්සන, ඔහුගේ මරණයට සති කිහිපයකට පෙර , එනම් , 1616 අප්‍රියෙල් මසට අයත් වන අතර, පිටු තුනකින් යුත් අවසන් කැමති පත්‍රය අවසානයේ, "By me william shakespeare" යනුවෙන් සඳහන් ව තිබේ. මෙම ලියවිල්ල උපත්, විවාහ හා මරණ ලියකියවිලි හා සහතික තැන්පත් කර තිබූ "Somerset House" හි මීට පෙර තැන්පත් කර තිබූ අතර වර්තමානයේ එය  "කිවු හි ජාතික ලේඛනාගාරයේ තැන්පත් කර ඇත.

 මෙහි සඳහන් කරුණු අනුව, ශේක්ස්පියර් විසින් තම එකම පුත්‍රයා වූ "හැම්නට්" ගේ වියෝවෙන් පසු, ජුඩිත් හා සුසන්නා යන තම දියණියන් ගැන නොසලකා, තම උරුමය මුණුපුරන් තිදෙනාට දායාද කොට ඇත. තම පරපුර මුණුපුරන් විසින් ඉදිරියට ගෙනියතැයි ශේක්ස්පියර් සිතුවත්, ඔහුගේ මරණයෙන් පසු, එක් මුණුපුරෙක්, කුඩා කලදීම මියගිය අතර අනෙක් දෙදෙනාම දරුවන් නොමැතිව දිවි ගෙවීය.

       

කෙසේ හෝ, අතීතයේ සිටි ලෝකප්‍රකට කලාකාමී මිනිසෙකු හා සම්බන්ධ වූ, වර්තමාන සංස්කෘතික උරුමයක් ලෙස හඳින්විය හැකි, මෙම "අත්සන" සහිත ලියවිල්ල, වසර 400කට පසු වුවද, ලෝක සාහිත්‍යය තුළ  "විලියම් ශේක්ස්පියර්" නාමය සදා අමරණීය බව අපට පසක් කර දෙයි.


වැඩි විස්තර සඳහා:-http://www.theguardian.com/culture/2016/feb/02/william-shakespeares-will-featuring-his-last-signatures-goes-on-show

     

Sunday, February 28, 2016

තව දුරටත් එය "ලෝක උරුමයක්" නොවේ...

 යම් රටක පවතින, ස්වාභාවික වටිනාකමකින් හෝ සංස්කෘතික වැදගත්කමකින් යුතු ස්ථානයක්, යුනෙස්කෝ සංවිධානයේ මඟින් "ලෝක උරුමයක්" ලෙස නම් කිරීම මඟින්, එම ස්ථානයට පමණක් නොව, අදාළ රටට ද විශාල කීර්තියක් හිමිවේ. එමඟින් ලොව සියළු දෙනාගේ අවධානය එම ස්ථානයට යොමු වන අතර, සංචාරක කර්මාන්තය ආශ්‍රිතව රටේ ආර්ථිකයට ද විශාල බලපෑමක් ඇතිවේ.        

                              එහෙත් යම්හෙයකින් අදාළ ලෝක උරුම ස්ථානයේ වටිනාකමට හානියක් සිදුවේ නම්, එය යුනෙස්කෝව මඟින් "අවධානම් කළාපයේ ඇති ලෝක උරුම" ලැයිස්තුවට ඇතුළත් කරන අතර, ඉන් පසුවද ස්ථානයේ ආරක්ෂාව සඳහා අදාළ රජය ක්‍රියා නොකරන්නේනම්, එම ස්ථානයට "ලෝක උරුම" නාමය අහිමිවේ.

එලෙස ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කළ ස්ථාන ද්විත්වයකි. 

අරාබි ඔරික්ස් සත්ව අභයභූමිය.- ඕමානය


මෙය ඕමානයේ පිහිටි, ඔරික්ස් නම් සත්ව විශේෂය සිටින අභයභූමියක් වන අතර, වර්ග කි.මී.27,500 ක ව්‍යාප්තව පවතියි. යුනෙස්කෝ සංවිධානය මඟින්, 1994 දී, ස්වාභාවික උරුම නිර්ණායක  අංක (10) යටතේ මෙය ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. නීති විරෝධී ලෙස සතුන් දඩයම් කිරීම හේතුවෙන්, මෙහි සිටින ඔරික්ස් නම් මුව විශේෂය විනාශ වීමේ තර්ජනයට ලක්වූ අතර, මෙහි සංරක්ෂණ කටයුතු සඳහා රජයේ අනුග්‍රහය නොලැබීම හේතුවෙන්, මෙම අභයභූමිය අවධානම් කළාපයේ ඇති ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කෙරිණි.

කෙසේ හෝ, මෙම භූමිය තුළ ඛණිජ තෙල් ඇති බව සොයාගත් පසු, රජයේ අවධානය යොමු වූයේ අභයභූමි සංරක්ෂණය සඳහා නොව ඛණිජ තෙල් ව්‍යාපෘතිය  සඳහා වේ. මේ හේතුවෙන් ඔරික්ස් අභයභූමියේ වටිනාකම පිරිහීගිය බැවින් , 2007 වසරේදී යුනෙස්කෝව මඟින් මෙය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කරනු ලැබීය.



ඩ්‍රිස්ඩන්හි එල්බ් නිම්නය. - ජර්මනිය.


යුරෝපය මධ්‍යයේ එල්බ් ගඟ ආශ්‍රිතව, කි.මී.20ක් පමණ ප්‍රදේශයක මෙය පැතිරී ඇත. එක් පසෙකින්වූ, ස්වාභාවික සුන්දරත්වයෙන් හෙබි ගං ඉවුරු පෙදෙසත්, තවත් පසෙකින්වූ, නාගරික පෙදෙසත්, ඉතාමත් ආකර්ෂණීය ලෙස එකට මුහුවීම තුළ, විචිත්‍ර වූ පරිසරයක් ගොඩනැගී තිබීම මෙහි සුවිශේෂීත්වය වේ.

 2004 දී යුනෙස්කෝව මඟින්, සංස්කෘතික උරුම නිර්ණායක අංක (2,3,4,5) යටතේ මෙය ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබීය. පසුකාලීනව, අදාළ රජය මඟින් නිම්නය දෙකඩ කරමින් පාළමක් ඉදිකිරීමේ ව්‍යපෘතියක් ආරම්භ කිරීම හේතුවෙන්, ඩ්‍රිස්ඩන්හි එල්බ් නිම්නයට, 2009 වසරේදී ලෝක උරුම නාමය අහිමිවිය.


                        මේ ලෙස දැනට ලෝක උරුම නාමය අහිමිවූ ස්ථාන හඳුන්වාදියහැකි අතර, ශ්‍රී ලංකාවේ පවතින ලෝක උරුම සඳහා මෙවන් වූ ශෝචනීය ඉරණමක් අත්වීමට ඉඩ නොදෙමින් ඒවා රැක ගැනීම, ලාංකිකයන්වන අපගේ වගකීමකි.    

Tuesday, February 23, 2016

තස්මේනියානු ලෝක උරුම වන සම්පත අනතුරේ...

 



ඕස්ට්‍රේලියාවට කි.මී. 240 ක දුරින් පිහිටා ඇති තස්මේනියාව, සුන්දර කඳු හෙල් වලින් වටවූ, ජෛව විවිධත්වයෙන් අනූනවූ වනාන්තර වලින් හෙබි භූමියකි. මෙම වසරේ ආරම්භයේදීම, මෙහි ඇති ප්‍රධානතම ස්වාභාවික ලෝක උරුමයක් ලෙස හඳුන්වාදිය හැකි තස්මේනියානු වන සම්පත, සීඝ්‍රයෙන් පැතිරී යන ලැව්ගිනි හේතුවෙන් විනාශ වී යාමේ දැඩි අර්බුදයකට මුහුණ පා සිටියි. මෙම දශකය තුළ, ලෝක උරුම වනාන්තර සඳහා එල්ලවූ, දරුණුතම බලපෑම මෙය බව උරුම සංරක්ෂකයන්ගේ මතයයි.

විශේෂයෙන්ම, වන භූමිය මධ්‍යයේ ඇති සානු කළාපය විනාශ වෙමින් පවතින අතර, එහි පමණක් දක්නට ලැබෙන, ඉතා සෙමින් වැඩෙන, වසර 1000ක් පමණ පැරණිවූ ස්වදේශීය සරල වෘක්ෂ විශේෂ ( පඳුරු විශේෂ,පයින් වර්ග ) කිහිපයක් දැනටමත් ලැව්ගින්නට ගොදුරු වී ඇත.
ඕස්ට්‍රේලියානු වනාන්තර තුළ ලැව්ගිනි පැතිරී යාම, නිරන්තරයෙන්ම දක්නට ලැබෙන පාරිසරික තත්වයකි. එහෙත්, තස්මේනියාව තුළ දැනට ව්‍යාප්ත වෙන ලැව්ගිනි තත්වය හේතුවෙන්, දැඩි වෘක්ෂලතා වැස්මක් සහිත, වසර මිලියන ගණනකට පෙර ග්ලැසියර ඛාදනයට ලක්වූ, කිසිඳු දිනෙක ගින්නෙන් ආසාදනය නොවූ, වැසි වනාන්තර ද අවධානමට ලක්ව තිබේ.එමෙන්ම බටහිර තස්මේනියාවේ ඇති, ලෝකප්‍රකට ඇල්පයින් කඳු ප්‍රදේශ හා ඒ ආශ්‍රිතව පවතින වැසි වනාන්තර කළාපය ද ලැව්ගිනි හේතුවෙන් විනාශ වී ඇත. මේ හේතුවෙන් සංචාරක කර්මාන්තයටද විශාල බලපෑමක් එල්ලවී ඇති අතර, ඕස්ට්‍රේලියානු රජය, මෙය අවම කරගැනීම සඳහා ක්‍රියාත්මකවී ඇත.


වැඩි විස්තර සඳහා පිවිසෙන්න:-http://www.theguardian.com/australia-news/2016/jan/22/tasmanian-bushfires-worst-crisis-in-decades-for-world-heritage-forests  

Friday, February 19, 2016

අහසත් පොළවත් එක් වූවා සේ පෙන්වන ක්ෂිතිජය මෙන්, පුරාවිද්‍යාවත් භෞතික විද්‍යාවත් එක්වූවා සේ පෙන්වන "කාල තරණය"...

 





        නූතන විද්‍යාව හා තාක්ෂණය මගින් ඒ තුල සපුරාගත යුතු, ප්‍රධාන ඉලක්ක අතර, වඩාත් විමසුමට ලක්වන ඉලක්කයකි, "කාල තරණය". කාල තරණය පිලිබද වර්තමානය වන විට, විවිධ වූ මතවාද රැසක් ඉදිරිපත්වී ඇති අතර, ඇල්බට් අයින්ස්ටයින් හා ස්ටීවන් හෝකින්ස් වැනි විද්‍යාඥයන් විසින් මෙම කාලතරණවාදය පෝෂණය කර ඇත. භෞතික විද්‍යාවේ සියලු සමීකරණ ගොඩනැගී ඇත්තේ, ලොව තුළ දැනට හදුනාගෙන ඇති වේගවත්ම දෙය වන "ආලෝකයේ ප්‍රවේගය" පදනම් කරගෙන වේ. කෙදිනක හෝ, යමෙකු විසින්, ආලෝකයේ ප්‍රවේගය අභිබවා ගමන් කලහොත්, එදින භෞතික විද්‍යාවේ සියලු සමීකරණ බිදවැටෙන අතර, ඔහුට කාලය හරහා යාම හෙවත් , කාල තරණය කිරීමට හැකි වන බව නූතන විද්වතුන්ගේ මතයයි.
          කෙසේ හෝ මෙය අනාගත ඉලක්කයක් වුවත්, කාල තරණය හා ඉතිහාසය අතර සබදතාවක් පවතින බව, සමහරෙකුගේ මතය වේ. ලොව තුළ පවතින, පුරාවෘත, ඉතිහාස කතා, ජනප්‍රවාද හා ගවේෂණ මගින් සොයාගන්නා පුරාවිද්‍යාත්මක සාධක ඇසුරින් මෙම මතවාද ගොඩනැගී ඇත. එවන් වූ මතවාද සදහා අවස්ථාවක් සලසා දෙන, යූ ටියුබ් (youtube) වෙබ් අඩවියේ විකාශය වූ "still speakingout" වීඩියෝ පටය තුල, කාල තරණය හා සම්බන්ධ කරමින් සාකච්ඡාවට ලක් කල, ප්‍රධාන පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත, පැරණි ග්‍රීක ස්මාරකයක තිබී සොයාගත්, කැටයමක් පිළිබදව මෙහිදී අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙමු. 
              මෙම කැටයම් ඵළකය, ක්‍රි.පූ.100ට අයත් වන අතර, එය සොයාගෙන ඇත්තේ පුරාණ සොහොන් කොත් ස්මාරකයක් ආශ්‍රයෙනි. මෙය දැනට මාලිබු හි ජේ. පෝල් ගෙටි (J.Paul Getty) කෞතුකාගාරයේ තැන්පත් කර ඇති අතර,  "නෙස්කෝස් සොහොන් ගැබ, සේවිකාව සමග සිටින රාජකීය කත." ලෙස එය නම් කර ඇත.  මෙහි කාන්තවන් දෙදෙනෙක් සිටිති.  එක් කාන්තාවක් ආසනයක හිදගෙන, අනෙක් කාන්තාවගේ දෑතේ තිබෙන සිහින් වූ, විවර කර ඇති පෙට්ටියක් වැනි දෙයක් දෙස බලා සිටියි. අසුනේ සිටින කාන්තාව පැළද සිටින ආභරණ හා හිද සිටින ආසනයේ සින්හ පාද තිබීමෙන් ඇය රාජකීය කතක් බවත්, අනෙක් කාන්තාවගේ කොණ්ඩා මෝස්තරය හා ඇදුම් මගින් ඇය සේවිකාවක් බවත් තහවුරු වේ. කෞතුකාගාරයට අනුව, ග්‍රීක සුසාන භූමි කලාව තුළ, මෙම කැටයම බෙහෙවින් දක්නට ලැබෙන අතර , ඒ තුළින් මරණයෙන් මතුද, ලෞකික ජීවිතයක් විදීමේ බලාපොරොත්තුව පිළිබද කියැවෙන බව පෙන්වා දේ. 
                "ග්‍රීක සුසාන භූමි කැටයම් කලාව"  යන ඉතිහාස ග්‍රන්ථයේ කතුවරිය වන ජැනට් බර්නට් ග්‍රොස්මාන්  පවසන්නේ, මීට සමාන ඉරියව්වක් සහිත ඵළක රැසක් ඩෙලෝස් දූපත ආශ්‍රිතව සොයාගත හැකි බවත්, මෙහි දක්වා ඇති පෙට්ටිය වැනි දේ, ආභරණ පෙට්ටියක් හෝ කණ්නාඩියක් විය හැකි බවත්ය. එහෙත්, කාල තරණ මතධාරීන් පවසන්නේ, ආභරණ පෙට්ටියකට මෙය සිහින් වැඩි බවත්, එහි පරිඝණක පේනු සම්බන්දක යැයි සිතිය හැකි සිදුරු ද්විත්වයක් පවතින බවත්, එහි ඇති හැඩය අනුව එය ලැප්ටොප් පරිඝණකයක් ලෙස සිතිය හැකි බවත්,  එම නිසා අනාගතයෙන් කාල තරණය කරමින් අතීත ග්‍රීසියට පැමිණි අයෙකු විසින් , මෙම ලැප්ටොප් පරිගණකය, ග්‍රීසියට ලබාදී  ඇති බවත් වේ. 
                  එහෙත් සම්භාව්‍ය පුරාවිද්‍යාව තුළ, මෙම මතවාදය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනු ලබන අතර, ඩොරති ලොබෙල් කින් පුරාවිද්‍යාඥවරිය පවසන්නේ, මෙම සුසාන භූමි කැටයම, කාල තරණය සමග කිසිසේත්ම සම්බන්ද නොවන බවයි. තව දුරටත් අදහස් දක්වන ඇය පවසා සිටින්නේ, එකල පරිගණකයක් වැනි විද්‍යුත් උපාන්ගයක් භාවිතා කිරීම සදහා, විදුලි සැපයුමක්  ලබා ගැනීමේ හැකියාවක් නොතිබුනු බවයි.
 කෙසේ හෝ, මෙම කැටයම හේතුවෙන්, පුරාවිද්‍යාව හා භෞතික විද්‍යාව එක් මාවතකට යොමුවූවා සේ පෙනුනත්, අනාගාතයේ යම් දිනක, මිනිසා විසින්  කාල තරණය නම් ඉලක්කය ජයගන්නා තුරු, එය එසේ නොවන බව පමණක් වර්තමානයේ සිටින අපට කිව හැකිය... 


වැඩි විස්තර සදහා පිවිසෙන්න:- http://news.discovery.com/history/archaeology/no-the-ancient-greeks-didnt-have-laptops-160205.htm                       

අතීතය යළි කැඳවන සිනමාව...

  චිත්‍රපට නැරඹීම මාගේ ප්‍රියතම විනෝදාංශයකි. විවිධ වර්ගයේ චිත්‍රපට අතර ,  ඓතිහාසික කතා තේමාවන් රැගත් චිත්‍රපට සඳහා මාගේ අවධානය යොමුවන්නේ ,  ...